ඉතිහාසය සහ පසුබිම

බී සී සී ලංකා ලිමිටඩ් ,1830 දී පමණ ආරම්භ කර ඇති අතර දිගු ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයකි.

පැරණි ලේඛනයන්ට අනුව 1830 දී බ්‍රිතාන්‍යයේ E Price & Co , පොල්වලින් පොල්තෙල් ලබාගැනීම සඳහා වූ ක්‍රමවේදය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නා ලදි. එ නමුත් අඛණ්ඩව අමුද්‍රව්‍ය ලබාගැනීමේ සහ නිෂ්පාදන කටයුතු කිරීමේ අපහසුතාවය හේතුවෙන් මහා පරිමාණයේ පොල් තෙල් මෝලක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතුවිය.

ඒ අනුව 1835 දී බ්‍රිතාන්‍යයේ පිහිටි හල්ෆ්ඩ්‍රොෆ් සමාගමට අනුබද්ධ සමාගමක් ලෙස Hultsdorf Mills Co. (Ceylon) Ltd නමින් තෙල් මෝලක් ආරම්භ කරන ලදි. පළමුවන ලෝක සංග්‍රාමය ඇතිවන තුරුම මෙම මෝල විවිධ නායකත්වයන් යටතේ (Wilson Richie & Co. , G & W Leechman, Freudenburg) ක්‍රියාත්මක වූ නමුත් 1914 දී කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් මෙම සමාගම සතුරන්ට අයත් දේපලක් ලෙස නම් කරන ලදි. (Freudenburg ජර්මනිය විසින් හතුරෙකු ලෙස නම් කිරීම).

ඉන්දියාවේ පාලන බලය පවත්වාගෙන ගිය ප්‍රබල යුරෝපා ජාතිකයන් මෙම ආයතනය මිළදී ගැනීමට 1918 දී ඉදිරිපත් විය. ඒ අනුව 1918 දි බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් සංස්ථාපනය කරන ලදි. 1971 වන තෙක් අඛණ්ඩව මෙම ආයතනය පවත්වාගෙන යන ලදි.

යුරෝපා ජාතික ආයෝජකයන් විසින් ආරම්භ කර තිබූ බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් සමාගම, පොල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඇති වැදගත්කම සැළකිල්ලට ගනිමින් එවකට පැවති රජය විසින් 1971 අංක 35 දරණ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත යටතේ 1972 වර්ෂයේදී මෙම ආයතනය රජයේ පූර්ණ අනුබද්ධිත සමාගම් වෙත පවරා දෙන ලදි. (British Ceylon Milling Company Ltd & Ceylon Extraction Company Ltd...)

1976 දී අමුද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් Ceylon Extraction Company Ltd සිය මෙහෙයුම් කටයුතු නවතා දමන ලදි. අනුප්‍රාප්තික රජයේ පරිපාලන ප්‍රතිපත්තින් හි වෙනස්වීමත් සමඟ මෙම ආයතනය යම් තාක් දුරට මන්දගාමී තත්වයකට පත් වූ අතර එහි වඩාත් ලාභදායී ව්‍යාපාරයක් වන Orient Co. Lanka Ltd (විදේශීය මත්පැන් සඳහා ඒජන්සියක් පැවති) විකුණා දමන ලදි. පසුව 1987 අංක 23 දරන රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ 1988 දී කොටස් 10,000,000 ක් (භාණ්ඩාගාරය සතුව) නිකුත් කිරීමත් සමඟ බී සී සී ලංකා ලිමිටඩ් නමින් පොදු සමාගමක් වශයෙන් සංස්ථාගත කර ඇත.

bcc lanka ltd