bcc lanka ltd
අපි ගැන

යුරෝපා ජාතික ආයෝජකයින් විසින් මෙරට ආරම්භ කර තිබූ බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් සමාගම, පොල් කර්මාන්තයේ සංවර්ධනය සදහා ඇති වැදගත්කම සැළකිල්ලට ගනිමින් එවකට පැවති රජය විසින් 1971 අංක 35 දරණ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත යටතේ 1972 වර්ෂයේ දී රජයට පවරා ගන්නා ලදි. පසුව 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ 1988 දී බී සී සී ලංකා ලිමිටඩ් නමින් පොදු සමාගමක් වශයෙන් සංස්ථාගත කර ඇත.

බී සී සී ලංකා ලිමිටඩ් , කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය, ගරු. විමල් වීරවංශ ඇමතිතුමාගේ සහ සභාපති චමින්ද වෙලේගම මහතාගේ මඟ පෙන්වීම හා අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතනයකි.

වසර සියයකට පමණ ඉහත දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් බ්‍රිටිෂ් සිලෝන් කෝපරේශන් යන නමින් ආරම්භ කරන ලද මෙම ආයතනය,එදා සිට අද දක්වා පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදන ලබාදීමට කැප වී සිටියි. ශත වර්ෂයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේශීය ආයතනය ප්‍රධාන වශයෙන් උසස් තත්වයේ සෞඛ්‍යාරක්ෂිත පොල්තෙල් ලෙස සුදු පොල්තෙල් ( BCC White Oil ) සහ පිරිපහදු කරන ලද පොල්තෙල් (Refined Coconut Oil- Cooks Joy ) නිෂ්පාදනය හා ඇසුරුම් කර වෙළදපලට නිකුත් කරනු ලබයි. තවද සබන් නිෂ්පාදන ලෙස සවරින් බාර්, ස්නෝවයිට්, සඳුන් සබන්, සුවේන්ද්‍රා ආදිය ද පිරිසිදුකාරක ලෙස පයිනෝල් නිෂ්පාදනයේ ද නියැලෙන අප සමාගම ලාභ ලබන දේශීය ආයතනයක් ලෙස කටයුතු කරයි.

සංවිධානයේ නම: බී සී සී ලංකා ලිමිටඩ්

ව්‍යාපාර ලියාපදිංචි අංකය : පී.බී 221
විගණකවරු : විගණකාධිපති දෙපාර්තමේන්තුව
ලේකම්වරු : එස් එස් පී කෝපෙර්ට් සර්විසස් පයිවට් ලිමිටඩ්
බැංකුකරුවන් : මහජන බැංකුව, ශ්‍රී සංඝරාජ මාවත
කාර්යාලීය ලිපිනය : හල්ස්ඩෝෆ් මිල්ස්, තැපැල් පෙට්ටිය 281, මීරාණියා වීදිය, කොළඹ 12.
දුරකථන අංක : 0112 435 195 / 0112 422 111
ෆැක්ස් අංක : 0112 447 139 / 0112 324 198
විද්‍යුත් තැපෑල් ලිපිනය : bcclankaltd@gmail.com
බී සී සී වතුපිටිවල කර්මාන්තශාලාව

ලිපිනය : අංක 27, අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල, නිට්ටඹුව.
දුරකථන : 033 2280740
ෆැක්ස් : 033 2280662
Wimal Weerawansha

ගරු. විමල් වීරවංශ මැතිතුමා
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය